Lexelon ගැන

පහසුවෙන් ඉක්මනින් නීතිය ගැන දැනගන්න සෑම දෙනාටම ප්‍රවේශ විය හැකි දැනුම් ගබඩාවක්

අපගේ මෙහෙවර

LEXELON අපි, 2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ නීති තාක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ දැක්මක් ඇතිව අපගේ ගමන ආරම්භ කළෙමු. ආරම්භයේ සිටම, නීතිය වෙත පහසුවෙන් ප්‍රවිෂ්ඨ වීමට ඉඩ සැලසීම මගින් යුක්තිය ඉටුවීම පහසු කරවීමට කටයුතු කරමින් සිටිමු. පළපුරුදු නීතිඥයින් සහ මෘදුකාංග ඉංජිනේරුවන්ගෙන් සමන්විත අපගේ කණ්ඩායම, නීතිය සහ තාක්ෂණය අතර පරතරය පියවන අති නවීන විසඳුම් සංවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ නීති සේවාවන්හි අනාගතය යහපත් කිරීමේ අරමුණින් කටයුතු කරයි.

LEXELON හි, අපගේ මෙහෙවර වන්නේ මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, වෘත්තිකයන් අතර නීති දැනුම බෙදාගැනීම සහ දියුණු කිරීමට වේදිකාවක් සැකසීම සහ ශ්‍රී ලංකාවේ නීති තාක්ෂණික විසඳුම් හරහා නවෝත්පාදනයන් ඇති කිරීමයි. අපි එදිනෙදා නීතිමය කටයුතු සරල කිරීමට උත්සාහ කරන්නෙමු, ඒවායේ විනිවිදභාවය ඇති කරන්නෙමු, නීති පද්ධතිය තුළ කටයුතු කිරීමේදී ජනතාව මුහුණ දෙන අභියෝග වලට පිළියම් සොයන්නෙමු. අධ්‍යාපනය, තාක්‍ෂණය සහ වෘත්තීය සංවර්ධනය තුළින්, වඩාත් දැනුවත් සමාජයක් පෝෂණය කිරීමට අපි කැපවී සිටිමු.

ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත මුද්දර ගාස්තු ගණකය නිර්මාණය කිරීම තුළින් දේපළ ගනුදෙනු පහසු සහ විනිවිදභාවයෙන් යුක්ත කිරීම ගැන අපි ආඩම්බර වෙමු. ඊට අමතරව, නඩත්තු, දික්කසාදය සහ තවත් බොහෝ අත්‍යවශ්‍ය එදිනෙදා නීතිමය කරුණු සඳහා නොමිලේ, බාගත කළ හැකි නීති මාර්ගෝපදේශ ලබා දීමෙන් නීතිය පිළිබඳ දැනුම ප්‍රචලිත කිරීමට අපි කැපවී වන්නෙමු, නීති දැනුම සැමට ප්‍රවේශ විය හැකි බවට පත් කරන්නෙමු.

ප්‍රවේශ්‍යතාව

සංකීර්ණ නීති සංකල්ප සරල ආකාරයෙන් ඉදිරිපත් කිරීම සහ පහසුවෙන් පරිශීලනය කිරීමට ඉඩ සැලසීම.

ගුණාත්මකභාවය

සත්‍ය බව තහවුරු කරන ලද සහ යාවත්කාලීන නීතිමය තොරතුරු පළකිරීම.

නවෝත්පාදනය

නීතිය සහ නව තාක්ෂණය මුසු කළහැකි අවස්ථා පිළිබඳ අත්හදා බැලීම.

අප හා සම්බන්ධ වන්න

අපගේ අලුත්ම නීති යෙදවුම් සහ ලිපි ගැන ඉක්මනින්ම දැනගන්න අපගේ සමාජ මාධ්‍ය ගිණුම් සමඟ එකතු වන්න