CivilPoliceCriminal

සාක්ෂි නීතිය යනු?

Lexelon2 min read
Lexelon blog image

සාක්ෂි නීතිය යොදාගනු ලබන්නේ සාක්ෂි ආඥා පනතට අනුව නඩු විමසනු ලබන අධිකරණ වල සාක්ෂි අනුකූල කරගැනීමෙහි දී ය. විශේෂයෙන්ම අපරාධ අධිකරණ වල දී සාක්ෂි නීතිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. යම්කිසි චූදිතයෙකු චෝදනා කරන ලද වරද සිදු කර ඇත්ද යන්න තීරණය කිරීමේ දී ඒ සඳහා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටිය හැකිය. එසේ නො සිටිය හැකි ය. ඇසින් දුටු බව කියන සාක්ෂිකරු සැබවින්ම සත්‍ය පවසන්නේද? මේ ආදී වූ කරුණු නඩු තීන්දුව ලබා දීමේදී ඉතා වැදගත් වෙයි. එසේහෙයින් විනිශ්චයකාර උතුමන්ට තීන්දුව ලබා දීම සඳහා මාර්ගෝපදේශයක් වශයෙන් සාක්ෂි නීතියේ වගන්ති ක්‍රියා කරනු ලැබේ.

සාක්ෂි විමසා නඩු තීන්දුව ලබා දීමේදී විනිශ්චයකාරවරයෙක් ප්‍රහේලිකාවක් විසඳන ආකාරයෙන් කටයුතු කරයි. එහිදී , සැබැවින්ම සිදු වූ සිද්ධිය, කරන ලද චෝදනාව, චූදිත,විවිධ ආකාරයේ සාක්ෂිකරුවන් සහ ඔප්පු කිරීමේ භාරය එකිනෙකින් ස්වායත්තව හෙවත් එකිනෙකින් වෙන්ව හඳුනා ගත යුතුය.

අපරාධ නඩුකරයක දී නම් බොහෝ විට යම්කිසි පැමිණිල්ලක් මත කරනු ලබන විමර්ශණයකින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකු හෝ කිහිපදෙනෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවකට ලක් කරනු ලබයි.

එකී චෝදනාව පිළිගැනීමට හෝ නිවැරදිකරු යැයි ආයාචනා කිරීමට එකී තැනැත්තන්ට හැකියාවක් ඇත. වරද පිළිගැනීමෙන් විනිසුරු තුමන් විසින් අදාල දඬුවම් ඔවුන්ට නියම කරනු ඇත. නිවැරදිකරු යැයි පැවසීම සිදුවුණි නම් සැබැවින්ම නිවැරදිකරුවෙක්දැයි සොයා ගනු වස් නඩුව විභාගයට ගනු ලබයි. එහිදී පැමිණිලිකාර පාර්ශවය තමන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන නඩු භාණ්ඩ සහ සාක්ෂිකරුවන් පිළිබඳ පිළිබඳව අධිකරණයට දන්වනු ලැබේ. අදාළ නඩු භාණ්ඩ ලේඛන ආදී දේ නම් ඒවායේ පිටපත් විත්ති පාර්ශවයටද ලබාදේ. මේ ආදී වූ කටයුතු කිහිපයක් අවසන් කිරීමෙන් පසුව දෙපාර්ශ්වයේම නීතිඥයන් එකඟ වන දිනයකදී නඩුව විභාගයට ගනු ලැබේ. මුලින්ම පැමිණිලිකාර පාර්ශ්වය විසින් තමන් කරනු ලබන චෝදනාව නිවැරදි චෝදනාවක් වන බවට සාක්ෂි මගින් ඔප්පු කිරීමට අවශ්‍ය වෙයි. ඔවුන් විසින් කැඳවනු ලබන සාක්ෂිකරුවන් මෙහෙයවන්නෙ සිය චෝදනාව සත්‍ය බව ඔප්පු වන ආකාරයෙනි. මෙහිදී අපරාධ නඩුවක දී නම් නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ යුතුය. සිවිල් නඩු කටයුත්තක දී වැඩි බර සාක්ෂි හෙවත් විය හැකියාව වැඩියෙන් ඔප්පු කරන පාර්ශ්වයට වාසි වන ආකාරයෙන් තීන්දුව ලබා දෙයි.

Related Articles