
නඩත්තු නීති මාර්ගෝපදේශය
නඩත්තු ගෙවිය යුත්තේ ඇයි ?
නඩත්තු ලැබීමට අයිතියක් ඇති අය අතරින් දරුවන් විශේෂ වේ. දරුවන් යනු තමන් නඩත්තු කරගත නොහැකි පිරිසකි. සමහර දෙමාපියන් සිය දරුවන් විවිධ වයස් වලදී අතහැර දමනු ලැබේ. ඒ සඳහා නොයෙක් සමාජ, ආර්ථික, කායික සහ මානසික වැනි හේතු බලපාන්නට පුළුවන. කෙසේ වෙතත් තම තීරණ පිළිබඳව වගකීමක් වැඩිහිටියන් වශයෙන් දෙමාපියන්ට ඇත. දරුවන් ඉපදීම දෙමාපියන්ගේ තීරණයකි. දරුවකු උපද්දවිම තුළින් දරුවා අධ්‍යාපනය ලබන්නේ නම් අවුරුදු 25ක් දක්වා නඩත්තු කිරීමට නෛතික බැඳීමක් ඇතිවේ. ආබාධිත දරුවකු නම් ජිවිත කාලය පුරාම නඩත්තු කිරීමට සිදුවිය හැකිය. මේ බව දරුවන් ලැබීමට තීරණය කරන විටම සලකා බැලිය යුතුය. වගකීම් විරහිත ලෙස දරුවන් අතහැර දැමීමට නීතිය ඉඩ නොදේ.
සැමියා හෝ බිරිඳ නඩත්තු කිරීම සම්බන්ධයෙන් ගත් කල තමන් නඩත්තු කරගත නොහැකි නම් පමණක් අනෙක් පාර්ශ්වය විසින් නඩත්තු ගෙවීමට සිදුවේ. ඉල්ලා සිටින පාර්ශ්වයට තමන් නඩත්තු කරගත හැකිබව පෙන්වීම නඩත්තු ගෙවීමෙන් වැලකීමට හේතුවිය හැකිය.
නඩත්තු කිරීම යනු, ආහාර පානාදිය, අධ්‍යාපනය සමග මුලික අවශ්‍යතා ඉටුකරගැනීමට අදාළ වියදම් සැපයීම වන අතර අධි සුඛෝපභෝගී වියදම් අදාළ නොවේ. කෙසේ වෙතත් සාධාරණ නඩත්තු මුදල කුමක්ද යන්න කරුණු සලකා බලා අධිකරණය මගින් තීන්දු කරනු ඇත.
නඩත්තු පිළිබඳ නීති සහ අයිතීන් ගැන දැනගන්න. අපගේ මාර්ගෝපදේශය නොමිලේ Download කරගන්න!
ඩවුන්ලෝඩ් කිරීමට සූදානම්ද?
මෙම නීති මාර්ගෝපදේශය වෙත ක්ෂණික ප්‍රවේශය ලබා ගන්න.