Civil

වෛද්‍යවරුන්ගේ හෝ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා මරණයක් හෝ වෙනත් හානියක් සිදුවුවහොත් වන්දි ලබාගත හැකිද?

Lexelon2 min read
Lexelon blog image

ලංකාවේ නොයෙක් නොයෙක් කාලවලදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා ජීවිත අහිමිවීම සහ රෝගීන් දුකට පත්වීම අසන්නට ලැබේ. මෙවැනි අවස්ථාවල වෛද්‍යවරුන් අපහසුවෙන් රාජකාරි කරන බව සහ වෙනත් කරුණු මත සිද්ධිය යටගසනු පෙනේ.

ඕනෑම වෘත්තියකදී නියමිත සැලකිලිමත් භාවය සහ ‘සැලකිල්ලීමත් වීමේ වගකීම’ (Duty of care) පැහැර හැරිය නොහැකිය. සාමාන්‍ය ජනතාවට පවා මෙය යම් අනතුරක් අවස්ථාවකදී මෙම වගකීම පවරනු ලැබේ. ඒ සම්බන්ධ නීති කොටස දිලික්ත නීතිය (Law of Delict) ලෙස හැඳින්වේ.

යම් තැනැත්තකු නොසැලකිලිමත්කමින් වෙනත් කෙනෙකුට අලාභයක් සිදු කොට තිබේ නම් ඊට එරෙහිව දිලික්ත නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු පැවරීමේ හැකියාවක් ඇත.

වෛද්‍යවරයා නිසි ලෙස සැලකිලිමත් කමින් කටයුතු කර ඇතිනම් රෝගියා මරණයට පත් වුවද වරදකරුවෙකු කළ නොහැකිය. දෙපාර්ශවයේම කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් ‘විය හැකියාව’ (Balance of probability) අනුව තීන්දුව ලබාදෙයි.

කොයි තරම් දුරට සැලකිලිමත් විය යුතු ද යන්න තීරණය කිරීමේදී සාමාන්‍ය තැනැත්තෙකුට ‘සාධාරණ මිනිසෙකු’ යන නිර්ණායකයත් වෘත්තීමය තැනැත්තකුට ඊට වඩා ඉහළ මට්ටමේ නිර්නායකයකුත් භාවිතා කරනු ලැබේ. උදාහරණයක් ලෙස ගත්කල වසරක් පමණක් අත්දැකීමක් ඇති වෛද්‍යවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයකු ගත් කළ යම් වෙනසකට යටත්ව මෙම තීරණ ගනු ලැබේ.

කෙසේ වුවත්, නොසැලකිල්ල පමණක්ම නඩු තීන්දුව ලබාදීමට ප්‍රමාණවත් නැත. එම නොසැලකිල්ල හේතුවෙන් (causation) මෙම අනතුර සිදුවූ බව පෙන්වා දිය යුතුවේ. එසේම අනතුර හෝ පාඩුව සහ නොසැලකිලිමත්භාවය අතර කෙතරම් දුර සම්බන්ධයක් (remoteness of damage) තිබේද යන්නත් අධිකරණය විසින් විමසා බැලේ.

වෛද්‍යවරුන්ට පමණක් නොව මෙය ඕනෑම වෘත්තියකට අදාළ වේ.

කෙසේ වුවත්, මෙය තරමක් නීතියේ සංකීර්ණ කොටසක් නිසා නීතිඥවරයෙකුගේ සහාය ලබාගෙන ඔබේ නඩු කටයුතු සිදු කර ගැනීම වඩාත් සුදුසුය.

Lexelon

Lexelon

Lexelon is a legal platform that makes Sri Lankan law easy to understand for the general public and businesses.